Update – හංවැල්ලේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයා නිවසේ ආලින්දයේ පුටුවක වාඩි වී සිටින අවස්ථාවේ රාත්‍රී 8.00ට පමණ පැමිණි වෙඩික්කරුවෙකු ඔහුට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩික්කරු තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, ඔහු රථ වාහන අමතර කොටස් වෙළඳාමේ නියැලුණු අයෙක්.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් විසින් ඉල්ලූ කප්පම් මුදලක් ලබානොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2021 වසරේ දී මෙම ව්‍යාපාරිකයා වෙඩි තැබීමකට ලක්ව ඇති අතර, එහිදී ඔහු ජීවිතය බේරාගැනීමට හැකිව තිබෙනවා.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් අපරාධය සිදු වූ ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර, හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23