AFC Banner
Empty Ad
Empty Ad

Update – හංවැල්ලේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයා නිවසේ ආලින්දයේ පුටුවක වාඩි වී සිටින අවස්ථාවේ රාත්‍රී 8.00ට පමණ පැමිණි වෙඩික්කරුවෙකු ඔහුට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩික්කරු තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, ඔහු රථ වාහන අමතර කොටස් වෙළඳාමේ නියැලුණු අයෙක්.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් විසින් ඉල්ලූ කප්පම් මුදලක් ලබානොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2021 වසරේ දී මෙම ව්‍යාපාරිකයා වෙඩි තැබීමකට ලක්ව ඇති අතර, එහිදී ඔහු ජීවිතය බේරාගැනීමට හැකිව තිබෙනවා.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් අපරාධය සිදු වූ ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර, හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?