AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම් කිරීම අද සිට

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (01) දිනයේ සිට ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ලබන 08 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගන්නා බවයි.

ඔක්තෝම්බර් 08 වනදායින් පසු ලැබෙන අයදුම්පත් සකලා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව අදාළ අයදුම්පත් කඩිනමින් නියමිත සහතික කිරීමේ නිලධාරියා මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යොමුකරන ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.

මේ අතර අද (01) දිනයේ සිට තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළා.

3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?