AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කරුවන් එක් ව දැමූ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි (වීඩියෝ)

ගනේමුල්ල – කැන්දලියද්ද ප්‍රදේශයේ නිවසක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක දී බාල වයස්කාරුවන් 17 දෙනෙකු සහ එක් තරුණයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයෙ (29) රාත්‍රියේ දී මෙම සාදය සංවිධානය කර තිබූ බවත්; එය මුහුණුපොත හරහා ගොඩනගාගත් මිතුරු හමුවක් මගින් පැවැත්වූ සාදයක් බවත් මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මුහුණුපොතෙන් හඳුනාගත් මෙම සැකකරුවන් කෙදිනකවත් මුණගැසී නොමැති බවත්; එක් අයෙකුගේ නිවසෙහි අදාළ සාදය පවත්වා ඇති බවත් ඊට තරුණ පිරිමි ළමු 16 දෙනෙකු සහ ගැහැනු ළමුන් දෙදෙනකු එක් ව සිටි බව ද පොලිසිය පවසනවා.

ඔවුන් සන්තකයේ තිබී සුළු වශයෙන් ගංජා, හෙරොයින් සහ මත්පෙති වර්ග තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 16-19 අතර පසුවන්නන් බවට හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?