පසුගිය පැය 24ක කාලය තුළ ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් 4ක් වාර්තා වී තිබෙනවා.
යක්කල, කල්මුණේ, වලස්මුල්ල, වැල්ලව යන ප්‍රදේශ වලින් එම සිදුවීම් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මෙම සිදුවීම් හතරටම මුහුණ දී ඇත්තේ කාන්තාවන්.
යතුරු පැදි වලින් පැමිණ යම් තොරතුරක් විමසන මුවාවෙන් රන්මාල කඩා ගැනීම සහ යතුරු පැදිය නවතා ගෙන සිට ඒ අසළින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳී රන්මාල කඩාගැනීම සිදු වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හුදකලා මාර්ගවල සහ ආලෝකය අඩු මාර්ග වල ගමන් කරන කාන්තාවන් මේ සඳහා මුහුණ දෙන බවත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා. නැවතත් රන් මාල කඩා ගැනීමේ ප්‍රවණතාවක් මතුවෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළා.
සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්කුඩු සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් මෙලෙස රන්මාල කඩා ගන්න බවයි වාර්තා වන්නේ. පසු ගිය සති දෙකක කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවලින් ගෙල බැඳි රන් මාල කඩාගත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රන්මාලයක් ගෙල බඳින කතුන්ට දැනුම්දීමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
අපගේ නවතම වීඩියෝ පුවත්
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




