AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියේ ප්‍රවේශපත් අලෙවිල 06 වනදා සිට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ප්‍රවේශපත්‍ර අලෙවිල ලබන 06 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ඒ, අනුව ලබන 06 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිල ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

එමෙන්ම ඔක්තෝබර් 10 වනදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විවෘත කෙරෙන ප්‍රවේශපත්‍ර කවුළුවලින් මෙම ප්‍රවේශපත් මිල දී ගත හැකියි.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවල දී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබෙන අතර, ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙනවා.

ඊට අමතරව එක්දින තරග පැවැත්වෙන දිනවල දී බලගොල්ල අභීත ක්‍රීඩාපිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මෙම සියලුම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තැබෙන අතර, විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව පමණක් පස්වරු 5.30 දක්වා අදාළ දිනවලදී විවෘතව තැබෙනවා.

එක්දින සහ 20-20 තරගාවලි දෙකේ ප්‍රවේශපත් මිල ගණන් පහතින්.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?