AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධ CID විමර්ශනය අත්හිටුවන ලෙස නියෝගයක්

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී අධිකරණයට අපහාසයක්වී දැයි සෙවීමට ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට ගොනු කළ අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තරිඳු ජයවර්ධන අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින්.

මෙම පෙත්සමේ තීන්දුව අද ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්මන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින්.

නීතිඥ මනුෂිකා කුරේගේ උපදෙස් පරිදි ගොනු කරන ලද පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?