මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධ CID විමර්ශනය අත්හිටුවන ලෙස නියෝගයක්

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී අධිකරණයට අපහාසයක්වී දැයි සෙවීමට ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට ගොනු කළ අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තරිඳු ජයවර්ධන අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින්.

මෙම පෙත්සමේ තීන්දුව අද ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්මන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින්.

නීතිඥ මනුෂිකා කුරේගේ උපදෙස් පරිදි ගොනු කරන ලද පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18