අණ නොතකා ගිය ලොරියකට පොලිසියෙන් වෙඩි

පානදුර- පල්ලියමුල්ල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පැවසුවේ.

පානදුර උතුර පොලිසිය විසින් සිදුකළ සොදිසි මෙහෙයුමක් අතතුර දී පොලිස් මාර්ග බාධකයක දී එම ලොරි රථයට නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් අණ කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිස් අණ නොතකා රථය ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?