AFC Banner
Empty Ad
Empty Ad

පොඩි ලැසීගේ මාමා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මදුසංක නොහොත් ‘පොඩි ලැසී’ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීඩියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ද මාමා වනවා.

සැකකරු සන්තකයේ තිබී විදෙස් රථක නිෂ්පාදිත නවීන පන්නයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ ද සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?