පාලන මිලට සහල් දෙන්න බෑ – සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගෙන් මැසිවිලි

සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීමේ අවදානමක් උද්ගත වී ඇතැයි සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසනවා.

සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් කියා සිටියේ; එම ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

රංජිත් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (29) මරදගහමුල දී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අද පවත්නා කිලෝවක් රුපියල් 130ක් 132 අතර වන වී මිල අනුව පාලන මිල ට සහල් ලබා දීමේ කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙනවා.

සුළු පරිමාණ ව්‍යාපාරයකින් මෙවර වී මිලදී ගෙන ඇත්තේ සියයට නවයේ පොලියට වන අතර එසේ තිබියදී මෙසේ පාලන මිලට සහල් ලබා දීමට කටයුතු කිරීමෙන් ඇතිවන තත්ත්වය කිසිසේත්ම පොඩි වීමෝල් හිමියන්ට දරන්නට පුළුවන් කමක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩඩ්ලි සිරිසේන විසින් අලුත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමාට දැනුම් දුන් අවස්ථාවේ තමන් එය ප්‍රතික්ෂේප කළ බවද මෙම හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

ඩඩ්ලි සිරිසේන හට එම පාඩුව දරාගත හැකි වුවද සුළු ව්‍යාපාරිකයින්ට එය දරාගත නොහැකි බවත්, වෙළෙඳුන් ආරක්ෂා කර ගනිමින් පාලන මිලට සහල් ලබාදීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතු බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

කෙටිකාලීන විසඳුමක් ලබා නොදී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් පාලන මිලට සහල් ලබා දීමේ හැකියාව ඇති කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඔහු මෙම අවස්ථාවේදී ඉල්ලා සිටියා.

වැඩිදුර සකච්ඡාකර මෙවැනි තීරණ නොගැනීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්වන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එසේ නොවී මේ ආකාරයට ක්‍රියාත්මක වුවහොත් සිදු වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාරයකින්ගේ සහල් මෝල් බැංකු සතුවීම පමණක් වන බවද මෙහිදී රංජිත් මහතා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49