AFC Banner
Empty Ad
Empty Ad

පාලන මිලට සහල් දෙන්න බෑ – සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගෙන් මැසිවිලි

සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීමේ අවදානමක් උද්ගත වී ඇතැයි සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසනවා.

සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් කියා සිටියේ; එම ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

රංජිත් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (29) මරදගහමුල දී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අද පවත්නා කිලෝවක් රුපියල් 130ක් 132 අතර වන වී මිල අනුව පාලන මිල ට සහල් ලබා දීමේ කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙනවා.

සුළු පරිමාණ ව්‍යාපාරයකින් මෙවර වී මිලදී ගෙන ඇත්තේ සියයට නවයේ පොලියට වන අතර එසේ තිබියදී මෙසේ පාලන මිලට සහල් ලබා දීමට කටයුතු කිරීමෙන් ඇතිවන තත්ත්වය කිසිසේත්ම පොඩි වීමෝල් හිමියන්ට දරන්නට පුළුවන් කමක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩඩ්ලි සිරිසේන විසින් අලුත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමාට දැනුම් දුන් අවස්ථාවේ තමන් එය ප්‍රතික්ෂේප කළ බවද මෙම හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

ඩඩ්ලි සිරිසේන හට එම පාඩුව දරාගත හැකි වුවද සුළු ව්‍යාපාරිකයින්ට එය දරාගත නොහැකි බවත්, වෙළෙඳුන් ආරක්ෂා කර ගනිමින් පාලන මිලට සහල් ලබාදීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතු බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

කෙටිකාලීන විසඳුමක් ලබා නොදී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් පාලන මිලට සහල් ලබා දීමේ හැකියාව ඇති කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඔහු මෙම අවස්ථාවේදී ඉල්ලා සිටියා.

වැඩිදුර සකච්ඡාකර මෙවැනි තීරණ නොගැනීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්වන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එසේ නොවී මේ ආකාරයට ක්‍රියාත්මක වුවහොත් සිදු වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාරයකින්ගේ සහල් මෝල් බැංකු සතුවීම පමණක් වන බවද මෙහිදී රංජිත් මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?