බිත්තර මිල අඩු වුනත් බේකරි කෑමවල මිලේ වෙනසක් නැහැ

බිත්තර මිල අඩු වුවත් බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

කෙසේ වෙතත් එම සංගමයේ සභාපතිවරයාගෙන් අප වැඩිදුරටත් විමසීමේ දී ඔහු සඳහන් කළේ; කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් ඇත්නම් අඩුකරන ලෙස සංගමයක් ලෙස බේකරි හිමියන්ට දැනුම් දී ඇති බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි මිල අඩුවිය යුතු බවයි.

එසේ නොමැතිව බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියා.

මේ අතර බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් හෝටල්වල ආහාර පනවල මිල ගණන් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම මිල අඩු කිරීම් සිදුකරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.

ඒ, අනුව බිත්තර කෑම එකක්, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40 කින් අඩු කෙරෙන අතර, බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිතයි.

බිත්තර රොටියක මිල ද රුපියල් 30 කින් පහත දමන බව එම සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43