චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් මෙරට දී

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong , ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත් හේරත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ විදේශ රටවල තානාපතිවරුන්, චීන සමාගම්වල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ගේ සංගමයේ සාමාජිකයින් හා සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයන් 1000කට අධික පිරිසක් පසුගිය 25 වනදා පැවති එම උත්සවයට එක් වුණා.

චීන තානාපති Qi Zhenhong මහතා එහිදී දේශනයක් සිදු කරමින් ගෙවී ගිය වසර 75 තුළ චීනය ලබා ගත් සාර්ථක ජයග්‍රහණය පිළිබඳ සිහිපත් කළා.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින්, උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමටත් උසස් මට්ටමේ විවෘතභාවයෙන් ලෝකය ඒකාබද්ධව සංවර්ධනය කිරීමටත් චීනය කැප වන බව හෙතෙම එහිදී අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගෝලීය දකුණේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පොදු යහපත සැලසීම, ගෝලීය ආරක්ෂාව හා එහි වර්ධනයට ශක්තිමත් ගාමක බලවේගයක් වනු ඇතැයි Qi Zhenhong මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීමට හැකි වීම පිළිබඳව Qi Zhenhong මහතා සිය සුභපැතුම් පිරිනැමනු ලැබුවා.

චීනය ඇතුළු මිත්‍රශීලි රටවල සහාය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධ අවදානම් හා අභියෝග ජයගෙන පවතින අර්බුදයෙන් මිදීමට මෙන්ම ආර්ථික පුනර්ජීවනය හා සමෘද්ධිමත්භාවය කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද Qi Zhenhong මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12