බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිළිය ඉන්දියාවේ දී පවුල පිටින් අත්අඩංගුවට

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාව තුළ නීති විරෝධීව රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිළියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුම්බායි නුවරට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි උල්හාස්නගර් හිදී; රියා බාර්ඩේ නැමැති මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිළිය ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ඉන්දියාව තුළ ජීවත්වන බවට පොලිසියට ලද ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

රියා බාර්ඩේ සමඟ ඇයගේ මව, පියා, සහෝදරිය සහ සහෝදරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අමරාවතී හි පදිංචි පුද්ගලයෙකු විසින් රියා සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට ඉන්දියාවේ රැඳී සිටීමට මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඔවුන්ට ඉන්දියාව තුළ රැඳී සිටීමට එම නිළියගේ මව ඉන්දීය ජාතිකයෙකු සමඟ විවාහ වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර දුරාචාර වැළක්වීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් රියා බර්ඩේ මීට පෙර මුම්බායි පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටි බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මුම්බායි පදනම් කරගත් අසභ්‍ය දර්ශන ජාවාරම් සමඟ මෙම නිළියගේ සබඳතා පිළිබඳව ද මේ වනවිට විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25