තමා මේ වනවිටත් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින බව බංග්ලාදේශ තුන් ඉරියව ක්‍රීඩක ෂකීබ් අල් හසන් පවසනවා.
පසුගිය ජුනි මාසයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලානය තමාගේ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය බවයි ෂකීබ් පවසන්නේ.
මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වෙන ඩකා ටෙස්ට් තරඟය තමාගේ අවසන් තරඟය බව ෂකීබ් අල් හසන් මීට පෙර නිවේදනය කළා.
කෙසේ වෙතත් ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවලින් සමුගැනීමේ තීරණය හැඟීම්බර එකක් නොවන බව ෂකීබ් සඳහන් කළේ.
තමන් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් සහ තේරීම් කමිටුව සමඟ පසුගිය දිනවල සාකච්ඡා කළ බව ද ඔහු පැවසුවා.
වයස අවුරුදු 37ක් වන තමාට මෙම ආකෘති දෙකෙන් ඉවත් වීමට සුදුසුම කාලය මෙය බවයි ෂකීබ් අල් හසන් වැඩිදුරටත් සඳහන් කළේ.