කැකිරාව මූලික රෝහලටත් වනඅලි තර්ජන

කැකිරාව නගරයේ පිහිටා ඇති කැකිරාව මූලික රෝහල් භූමිය මේ වන වන අලි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසටද ජීවිත අවධානමකට ලක්ව ඇතැයි එම රෝහල් බලධාරීන් පවසනවා.

රෝහලට පවතින මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් කැකිරාව මූලික රෝහලේ වෛද්‍ය අධීකාරී අශෝක සෙනවිරත්න පවසා සිටින්නේ, මෑතකදී සිට රාත්‍රී කාලයේදී රෝහල් පරිශ්‍රයට වන අලි කඩා වැදීම සිදුවන බවත් එම හේතුවෙන් කාර්යමණ්ඩලය මෙන්ම රෝගීන්ද අවධානමට ලක්ව ඇති බවයි.

රෝහල් භූමියට කඩා වැදී ඇති මෙම වනඅලින් රෝහලේ වෛද්‍ය හා හෙද නේවාසිකාගාර පරිශ්‍රයේද සැරිසරා තිබෙන බවයි වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ.

මේ වනවිට වන අලි තර්ජනයට ලක්ව තිබෙන ඒ 9 මාර්ගයේ පිහිටා ඇති කැකිරාව මූලික රෝහල් පරිශ්‍රයට යාබදව තවත් රාජ්‍ය ආයතන රැසක් ද පිහිටා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

කැකිරාව මූලික රෝහලට එල්ලව ඇති මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩිවි ආරක්ෂක කාර්යාලයෙන් පවසා ඇත්තේ, එම ගැටළුවට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12