AFC Banner
Empty Ad
Empty Ad

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට තිබෙන බවට ජනපතිට දැනුම්දීමක්

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව දැනුවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමග අද (26) පැවති සාකච්ඡාවක දී අමාත්‍යාංශ බලධාරීන් මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉදිරියේ දී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

ලබන වර්ෂය වන විට ඊට අදාළ ව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්‍යක්ෂමව කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

මේ අතර විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දීය ආධාර මත ලැබී ඇති සූර්‍යය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන ලෙසටයි ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?