ගුරුවරියකට සහ ඇයගේ සැමියාට මරු කැඳවූ මාරක අනතුර

ස්ථාන මාරුවීමේ උත්සවයක් නිමා කරමින් යළි නිවෙස බලා පැමිණෙමින් සිටි එකම පවුලේ බිරිඳ හා සැමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ අකුරැස්ස – සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධියේදියි.

මරණකරුවන් පිටබැද්දර – මෙදේරිපිටිය පාසලෙන් ස්ථාන මාරු වීමේ උත්සවයකට ගොස් යළි නිවෙස බලා යමින් සිටියදී පිටබැද්දර සිට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රියක් ඔවුන් ව යටකරගෙන ගොස් අසල තිබූ පස් කණ්ඩියක ගැටී නතර ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය ගුරුවරිය 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා ඉන්දික සම්පත් නම් අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු කළ සැකකරු මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම ව්‍යාපාරිකයෙකු බවත් හෙළි ව තිබෙනවා.

මියගිය ගුරුවරියගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඇයගේ ස්වාමිපුරුෂයාගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙන බවයි අප දසත වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මරණකාරිය ගැබිනි මවක් බවට ද හෙළි ව තිබෙනවා.

  1. ඛේදනීය තත්ව යක් ඉතා පිටිසර ප්‍රදේශ වල පවා සිදුවෙමින් පවතියි ඔලිස් රථ වාහන අංශය සහ විස්වා විද්‍යාල එක්වී දඩි වෙනස්කම් නොකොළොත් සියල්ළමා විනාශ වේවි ” සියල්ල බිදවටෙයි විනාශයේ ගයරය ( gyre) තව තව විශාලවෙයි වේගයෙන් ..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56