රුපියල් කෝටි 57ක මුදලක් විදේශීය ජාතිකයකු විසින් වංචා කරයි

ඉක්මන් ඩොට්.එල්.කේ වෙබ් අඩවිය තුළ පළකර තිබූ දැන්වීමකට අදාළ නිවසක් මිලදී ගන්නා මුවාවෙන් එම දැන්වීම පළ කළ පුද්ගලයාගේ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි 57ක මුදලක් විදේශීය ජාතිකයකු විසින් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25) නියෝග කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරුණා.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර නැමැති අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණය දැක්වූ කරුණු වලින් හෙළි වී තිබෙනවා.

එම විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයාට අයත් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් විකිණීම සඳහා ඉහත සඳහන් කළ ඉක්මන් ඩොට් එල්.කේ වෙබ් තුළ දැන්වීමක් පළ කර තිබී ඇති බවයි

එම දැන්වීම දුටු විදේශීය ජාතිකයකු පැමිණිලිකරුගේ වට්ස්ඇප් අංකය හරහා පැමිණිලිකරුට පණිවිඩයක් යොමු කරමින් ඔහු මෙරටට පැමිණි පසු එම නිවස මිලදී ගන්නා බවට පොරොන්දුවක් ලබාදී පැමිණිලිකරුගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

පැමිණිලිකාර පුද්ගලයා ඔහුට අයත් ගිණුම් අංකය වට්ස්ඇප් පණිවිඩයක් හරහා එම විදේශීය ජාතිකයාට යැවීමෙන් අනතුරුව එම නන්නාදුනන විදේශීය ජාතිකයා පැමිණිලිකරුගේ ගිණුමේ තිබූ කෝටි 57 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් වැඩිදුරටත් හෙළි වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56