නව ජනමාධ්‍ය ඇමති විජිත වැඩ අරඹයි(වීඩියෝ)

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (24) පත් වූ විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරි කටයුතු ඇරඹූ බවයි වාර්තා වන්නේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු , ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ , ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ,මහජන ආරක්ෂක අමාත්‍යාංශය , විදේශ කටයුතු යන අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.