හෙරොයින් කිලෝ 340ක් සමග ලංකාවට අයත් ධිවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර යාත්‍රාවක් අද දිනයේදී සිය භාරයට ගෙන තිබෙනවා. 

” දුව ශශිලා” නම් වූ මෙම බහුදින ධිවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකුද ඉන්දීය නාවික හමුදාවේ නිලධාරින් විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීයාවට අයත් ගැඹුරු මුහුදේ තිරයේ දි මෙම ධිවර යාත්‍රාව එරට නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකපිට සිය භාරයට ගෙන වැඩිදුර විමර්ෂණය සඳහා කෝචි හී වරායට රැගෙන විත් තිබෙනවා.

එහිදී එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සිදුකළ සෝදිසියේදී මසුන් ඇසිරීමට ගෙනා අයිස් අතර සඟවා තිබී මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 සොයා ගෙන ඇත.

“ King 2021” යනුවෙන් එම හෙරෝයින් පැකට් වල මුද්‍රණය කර තිබෙන අතර මෙම හෙරොයින් තොගය ඉරාන යාත්‍රාවකින් මුහුදේදී ලාංකික ධිවර යාත්‍රාවට හුවමාරු කර ඇති බවට මුලික විමර්ශන වලදී හෙළිවී ඇත.

මෙම හෙරෝයින් තොගයේ විදී වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් ඉක්මවන බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

ඉකුත් මාර්තු 30 වෙනිදා ද ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05ක් සහ ජීවි උණ්ඩ 1000ක් සමගින් ශ්‍රී ලංකාවට අයත් ධිවර යාත්‍රාවක් ලක්දශ්විප් මුහුදු කළාපයේ දී සිය භාරයට ගනු ලැබුවා. 

මිට අමතරව ඉකුත් වසරේ නොවැම්බර් මස 25 වෙනිදා ද ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමගින් ලාංකික ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?