ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) දහවල් ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1932 මාර්තු මස 15 වැනි දින මෙලොව එළිය දුටු මේ මහා නර්තනවේදිනිය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් ද වන අතර ඇය මෙරට බිහි වූ පළමු උඩරට නර්තන ශිල්පිනියයි.

දේශමාන්‍ය වජිර චිත්‍රසේන නර්තන ගුරුවරියක් ද වනවා.

සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසගත වන්නේ ද ඇයයි.

කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ චාරිත්‍රානුකූල නර්තන ශිල්පීන් වීමට කාන්තාවන්ට අවශ්‍ය පසුබිම සැකසීමේ ගෞරවය හිමිවන්නේ දේශමාන්‍ය වජිරා චිත්‍රසේන නර්තනවේදිනියට බවයි පැවසෙන්නේ.

ඇය විවාහ වී සිටියේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු සහ නර්තන ගුරුවරයෙකු වූ චිත්‍රසේන සමඟයි.

2020 ජනවාරි 26 දින ඇය දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සමඟින් ඉන්දියාවේ 71 වැනි ජනරජ දිනයට සමගාමීව ඉහළම ඉන්දීය සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
14
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06