එක් එක් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාලය පස්වරු 4.00ට අවසන් වනවිට මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව අද (21) පස්වරු 4.00 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ 75%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එය දැක්වෙන්නේ 80%ක් ලෙසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එය 80%ක් ලෙස වාර්තා වන අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ 64%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ලෙස දැක්වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ක් ලෙස වාර්තා වනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රිකයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය දැක්වෙන අතර, වන්නි දිස්ත්‍රික්කයේ 65% වනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් ලෙස වාර්තා වන අතර, රත්නපුර 74%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ එය 72%ක් ලෙස දැක්වෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74.9% බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ 77%ක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 78%ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් ද, කිලිනොච්චිය 68%ක් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ 70%ක් ලෙස එය දැක්වෙනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 75%ක්, කළුතර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 75%ක් ලෙස සටහන් වූ බවයි එම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03