AFC Banner
Empty Ad
Empty Ad

එක් එක් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාලය පස්වරු 4.00ට අවසන් වනවිට මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව අද (21) පස්වරු 4.00 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ 75%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එය දැක්වෙන්නේ 80%ක් ලෙසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එය 80%ක් ලෙස වාර්තා වන අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ 64%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ලෙස දැක්වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ක් ලෙස වාර්තා වනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රිකයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය දැක්වෙන අතර, වන්නි දිස්ත්‍රික්කයේ 65% වනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් ලෙස වාර්තා වන අතර, රත්නපුර 74%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ එය 72%ක් ලෙස දැක්වෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74.9% බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ 77%ක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 78%ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් ද, කිලිනොච්චිය 68%ක් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ 70%ක් ලෙස එය දැක්වෙනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 75%ක්, කළුතර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 75%ක් ලෙස සටහන් වූ බවයි එම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?