ඡන්දය සලකුණු කිරීමට පැමිණි ඡන්ද දායකයින් දෙදෙනකු රිය අනතුරකට ලක් ව එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කිරීමේ පුවතක් වාර්තා වනවා.
මෙම අනතුර අද (21) දහවල් සිදු ව ඇත්තේ ගල්පාත විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදීයි.
ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනකුගේ යතුරුපැදි මෙලෙස අනතුරට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.
ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙක් නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සෙසු පුද්ගලයා ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ගල්පාත රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.













