පිං කැටය කඩන්න ආව තරුණයාට වැඩ වරදී – CCTV දර්ශන සහිතයි

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙහි දේව ප්‍රතිමාවන් අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය කඩා එහි මුදල් සොරාගැනිමට පැමිණි සැකකරුවෙකු නාවලපිටිය පොලිසිය විසින් (19) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙ තිබෙන පිං කැට මිට ප්‍රථම අවස්තා කිහිපයකදි සොරුන් විසින් කඩා මුදල් රැගෙන යාම නිසා එම පිරිවෙනෙහි ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරිමට එම පිරිවෙනෙහි විහරාධිපති රබැවේ ප්‍රභාෂ්වර හිමියන් කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (18) දින රාත්‍රි 9.45 ට පමණ පිරිවෙනට පැමිණි තරුණයෙකු දේව ප්‍රතිමාව අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය කැඩීමට උත්සහ දරන අයුරු විහාරාධිපතිහිමියන් විසින් දැක සැකකරු අල්ලා ගැනිමට උත්සහ කිරිමේදි සැකකරු පලාගොස් තිබෙනවා.

පසුව විහාරාධිපති හිමියන් විසින් නාවලපිටිය පොලිසියට කරන ලද දැනුම්දීමක් මත සැකකරු නාවලපිටිය සොයිසාපුර ප්‍රදේශයේ සැගව සිටියදී නාවලපිටිය පොලිසියේ රාත්‍රි ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු 27 හැවිරිදි නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මත්ද්‍රව්‍යය වලට අබ්බැහිවූවෙකු බවයි නාවලපිටිය පොලිසිය විසින් දැනට කරන ලද මුලික විමර්ෂණ වලිද අනාවරණය වි ඇත්තේ.

සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05