තවත් බීඩිකොළ තොගයක් පුත්තලමෙන්

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (19) දින සිදු කර ඇත්තේ පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ දී නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය එක්වයි.

නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.