AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරගැනීමට හෝ බාගත කරගන්න මැතිවරණ කොමිසමෙන් අවස්ථාවක්

2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණයට ලියාපදිංචි වී ඇති පුද්ගලයන් හට තම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය හෝ බාගත කරගත හැකි ක්‍රමවේදයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දී තිබෙනවා.

එහිදී මැතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඕනෑම පුද්ගලයෙකුට මෙම ක්‍රමවේදය හරහා තම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය හෝ බාගත කිරීම කළ හැකියි.

ඒ සඳහා පහතින් දැක්වෙන සබැඳිය පරීක්ෂා කළ හැකි අතර; උපදෙස් පිළිපැදීමෙන් එය පහසුවෙන් සිදුකළ හැකි බවයි කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

එම දිගුවට පිවිසීමෙන් පහත ක්‍රමවේද පිළිවෙළින් අනුගමනය කරන්න;.

  1. පළමුවන කොටුව තුළ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න.
  2. ඔබගේ පරිපාලන දිස්ත්‍රික්කය ලබා දෙන්න.
  3. ඉන් පසුව “Im not a robot” යන්න සඳහන් කරන්න.
  4. අනතුරුව සෙවීමේ (Search) මෙනුවට පිවිසෙන්න.
  5. ඉන් පසුව ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය දිස්වනු ඇත.
  6. එහි පළමුව දිස්වන “මැතිවරණය සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු – ජනාධිපතිවරණය 2024” මෙනුවට පිවිසෙන්න.
  7. එවිට ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු දිස්වනු ඇත.
  8. “Mobile” යන්න දිස්වන මෙනුවට පිවිස ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න.
  9. ඉන් පසුව නැවතත් “Im not a robot” මෙනුව Click කරන්න.
  10. අනතුරුව ඔබගේ දුරකථන අංකය ඉදිරිපසින් ඇති Send Code මෙනුව ක්ලික් කරන්න
  11. පසුව ඔබගේ දුරකථනයට පැමිණි රහස් කේතය ඇතුළත් කරන්න.
  12. ඉන් පසුව නැවතත් “Im not a robot” මෙනුව Click කරන්න.
  13. අනතුරුව ඔබගේ ඡන්ද පත්‍රිකාව එතැනින්ම බාගත කරගත හැකියි.

ඔබගේ නිල ඡන්ද පත්‍රිකාව බාගත කරගැනීමට අවශ්‍ය දිගුවට මෙතැනින් පිවිසෙන්න.
https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationSearch.aspx

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?