පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව ප්‍රගතිය සමාලෝචනය කිරීමට රැස් වෙයි. (ඡායාරූප)

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහනදීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ වල ඇති සංස්කෘතික සංකේතාත්මක බව, භූමි අලංකරණය සහ වටපිටාව, ඓතිහාසික සන්දර්භය සහ ජාතික අනන්‍යතාවය යනාදී කරුණු හේතුවෙන් ඒවා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කලා මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඊනා ද සිල්වා භාරකාර අරමුදල, ජෙෆ්රි බවා භාරකාර අරමුදල, ජාතික ශිල්ප සභාව සහ හස්ත කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වුණා.

මෙහිදී ජෙෆ්රි බවා භාරකාර අරමුදල නියෝජනය කරමිනි පැමිණි නිලධාරීන් මෙතෙක් කරන ලද නිරීක්ෂණයන් අනුව පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිසංස්කරණය විය යුතු ස්ථාන සහ වස්තුන් පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, සෙන්කෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භයේ සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහණ, රැස්වීම් ශාලාවේ සිවිලිම, තඹ දොර ඉදිරිපිට සිවිලිම, උත්සව ධජ 18, රේඛා චිත්‍ර, මන්ත්‍රී පිවිසුමේ ලී බිතුසිතුවම, කාර්ය
මණ්ඩල ප්‍රවේශයේ බිතුසිතුවම්, ප්‍රභූ ආලින්දයේ සිතුවම්, ගරු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික භෝජනාගාරයේ සිතුවම්, දෙවන මහලේ පොට්ට්‍රේට් ගැලරිය, බිම් මහලේ ඡායාරූප ගැලරිය සහ වෙනත් වැදගත් ඡායාරූප /චිත්‍ර මෙන්ම ප්‍රදර්ශන කුටියේ ඇති පුරාවස්තු සංරක්ෂණය
කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමට ඔක්තොම්බර් 14 වැනිදා යළි රැස්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ වේත්‍රධාරී කුෂාන් ජයරත්න ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටියා.

Preservation of Architecture 20240913 1 Copy 1 scaled
Preservation of Architecture 20240913 15 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57