AFC Banner
Empty Ad
Empty Ad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (18) පෙර සමත් වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදීයි.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු ව අද තරගයට එක්ව සිටින්නේ; ටොම් ලැතම්, ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර, ඩැරිල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ටර්, අජාස් පටෙල් සමගින් විලියම් ඕ’ රෞකි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?