තීරණාත්මක ටෙස්ට් තරගාවලියක පළමු තරගය අද ගාල්ලේ දී ඇරඹෙයි

සංචාරක නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (19) ආරම්භ වනවා.

ඒ අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් ව තිබෙනවා.

අදින් ආරම්භ වන පළමු ටෙස්ට් තරගය එළඹෙන 23 වැනිදා තෙක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව ඇති අතර අද තරගයට දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු යි.

මෙතෙක් අර්බුදයක් ව පැවති ශ්‍රී ලංකා ටෙස්ට් මුල් පෙළ පිතිකරණ ලැයිස්තුවේ 03 වැනි ස්ථානය මෙවර දිනේෂ් චන්දිමාල්ට හිමි ව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුති හටයි හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර එම තරගවලින් 18කම ජය නවසීලන්තය සතුව තිබෙනවා.

තරග 09ක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තරග 11ක් දෙපාර්ශ්වයේම ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී තරග 07ක් ජයගෙන ඇති අතර නවසීලන්තය ජයගෙන ඇති තරග සංඛ්‍යාව 13ක්.

දෙපාර්ශ්වය ම සිය මව්බිමෙන් එපිට දේශයක දී මුහුණ දුන් ටෙස්ට් තරගවලින් ශ්‍රී ලංකාව තරග 02ක් ද නවසීලන්තය තරග 05ක ජය හිමිකරගෙන තිබෙනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීවයි.

මේ වනවිට නවසීලන්තය ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 03 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ පැවති තරග 06න් 03ක් ජයගනිමින්.

තමන් මුහුණ දුන් ටෙස්ට් තරග 07න් 03ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 36ක් හිමිකරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56