AFC Banner
Empty Ad
Empty Ad

UPDATE:-ක්ලබ් වසන්ත ඝාතනයේ උණ්ඩවල KPI ලෙස සටහන් තැබූ සැකකරුට උසාවියෙන් නියෝගයක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අද (17) පෙරවරුවේ අත් අඩංගුවට ගත් සැකකරුව පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි ව තිබෙනවා.

සැකකරු අද දහවල් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි අධිකරණය විසින් පොලිසිය වෙත මෙම අවසරය ලබාදෙනු ලැබුවේ.

බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර; ඔහු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක්.

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම මෙම සැකකරු විසින් සිදු කරන ලද බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව වෙඩික්කරුවන් රැඳී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් ඔවුන්ව ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු වෙළෙඳසැලක අත් උදව්කරුවෙකු ලෙසටයි සේවය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?