අනුර කැබිනට් මණ්ඩලය ගැන හෙළිකරයි (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය ලබා දීමේ දී, හොඳින් සිතා බලා කටයුතු කරන ලෙස ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානාකය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) දින ‘දිනුම රටට රට අනුරට’ මැයෙන් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින්.

22 ජනාධිපතිවරණ ප්‍රථිපල පැමිණීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර දූෂිත පාලකයින් පාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අනුර කුමාර මෙහිදී සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය ධූර‍ ලබා නොදෙමින් ඇමතිවරුන් ප්‍රමාණයට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරමින්, ඇමතිවරු 25 දෙනෙකුගෙන් යුත් කැබිනට්ටුවක් නිර්මාණය කරන බව ද ඔහු පැවසුවා.

මෙරට පවතින දේශපාලන සංස්කෘතියේ දූෂිත භාවය පිළිබඳව තවදුරටත් කරුණු දැක් වූ ඔහු කියා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් සහිත දූෂණයෙන් තොර රටක් බිහි කිරීමට තමන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
18
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17