AFC Banner
Empty Ad
Empty Ad

අනුර කැබිනට් මණ්ඩලය ගැන හෙළිකරයි (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය ලබා දීමේ දී, හොඳින් සිතා බලා කටයුතු කරන ලෙස ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානාකය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) දින ‘දිනුම රටට රට අනුරට’ මැයෙන් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින්.

22 ජනාධිපතිවරණ ප්‍රථිපල පැමිණීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර දූෂිත පාලකයින් පාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අනුර කුමාර මෙහිදී සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය ධූර‍ ලබා නොදෙමින් ඇමතිවරුන් ප්‍රමාණයට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරමින්, ඇමතිවරු 25 දෙනෙකුගෙන් යුත් කැබිනට්ටුවක් නිර්මාණය කරන බව ද ඔහු පැවසුවා.

මෙරට පවතින දේශපාලන සංස්කෘතියේ දූෂිත භාවය පිළිබඳව තවදුරටත් කරුණු දැක් වූ ඔහු කියා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් සහිත දූෂණයෙන් තොර රටක් බිහි කිරීමට තමන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
18
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?