AFC Banner
Empty Ad
Empty Ad

උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහෝ දිනයක් ලෙසයි බිනර පුර පසළොස්වක පොහොය දිනය සැලකෙන්නේ.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු ශාසනයට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම, ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීම ද බිනර පොහෝ දිනයේ දී සිදුකර ඇති බව සඳහන්.

දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් අදට දී ඇති බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?