දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා.
නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන තෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ අද සිට දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු වනවා.
ඒ අනුව එක් පන්ති කාමරයක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15 ක් වනු ඇති.
සිසුන් 16 ත් 30 ත් අතර සංඛ්‍යාවක් සිටින පංති කාමරවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට වෙන්කර සතියක් හැර සතියක් වශයෙන් පාසල්වලට කැඳවිය යුතුයි.
එක් අංශයක සිසුන් සංඛ්‍යාව 30 කට වැඩිවන අවස්ථාවක එම පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව කණ්ඩායම් තුනකට වෙන් කර එක් සතියකට එක් කණ්ඩායමක් වන අයුරින් පාසල්වලට කැඳවිය යුතු වනවා.