සාදයක් අතරතුර තරුණයන් 25ක් අත්අඩංගුවට

වැලිගම නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවැති සාදයක දී හෑෂ්, ගංජා සහ හඳුනා නොගත් මත් පෙති සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයන් 25ක් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසනවා.

එම පොලිසිය සඳහන් කරන්නෙ මෙම සාදය ඊයේ (14) දින රාත්‍රියෙ වැලිගම නගරයේ, පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක දී සංවිධානය කර තිබූ බවයි.

මෙම තරුණයන් වයස අවුරුදු 25-30 වයසේ පසුවන අතර මොවුන් මාතර, කොළඹ, ඇඹිලිපිටිය, අහංගම සහ ගාල්ල ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන්.

එම තරුණයන් පිරිස විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සාදයක් පවත්වන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

එම තරුණයන්ව පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී මත්ද්‍රව්‍යයන් වන හෑෂ්, ගංජා, සහ හඳුනා නොගත් මත්පෙති පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 45300ක් ද ගංජා මිලිග්‍රෑම් 41100ක් ද හඳුනා නොගත් මත්පෙති ද මෙම පිරිස සන්තකයේ තිබී හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම මූලස්ථාන පොලිසිය විසින් සිදු කරන අතර සැකකරුවන් කොටවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32