පෝට් සිටි භුමිය බදු දෙන්නත් ලංකාවේ අනුමැතිය අවශ්‍යයි

වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද (18) පෙරවරුවෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී “ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක 2ක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න වඩාත් සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහුකරලා අපි එන්න ඕනේ. ඒ වගේම ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුණාම අධිකරණ ක්‍රියාවලියට ගියාම අපි ඉන්නේ 165 වන ස්ථානයේ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබාගන්න. මේ ආයෝජන කළාපය සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269යි. හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒවා දෙන්න බෑ. හෙක්ටයාර 116ක් (43%) ව්‍යාපෘති සමාගමට. 2013 ඔවුන් තමයි බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කළේ. නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙ කොටසක් විතරයි. සියයට 23ක් රජයේ කොටස්. හැබැයි මේ 100%ම රජයට අයිති, රජය තමයි අයිතිකාරයා. වෙන කාටවත් භූමි භාගයක් දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම බොරු.”යනුවෙන් ද පැවසීය.

මේ අතර යෝජිත වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂය ධනාත්මක විවේචන ඉදිරිපත් කරනු ලබන්නේ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ අරමුණෙන් බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.

“2020 කෙටුම්පතේ තියෙන්නේ මේකට නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි කියලා. බැහැයි දැන් දීලා තියෙන කෙටුම්පතේ තියෙන්නේ ගැසට් කරලා ඒ ගැසට් එක පාර්ලිමේන්තුවේ දැනගැනීම පිණිස පමණක් සභාගත කරන්න ඕනේ. ඒක කවුද වෙනස් කළේ.

( අද දෙරණ වෙබ් අඩවියෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28