වාහන ආනයනයේ දී අපිට මුල්තැන දෙන්න – ගැමුණු විජේරත්න

වාහන ආනයනය කිරීමේ දී පොදු ප්‍රවාහන සේවය සඳහා ප්‍රමුඛතාව ලබදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (14) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව පැවසුවා.

මේ වනවිටත් පොදු ප්‍රවාහන සේවයේ බස් රථ 5,000ක පමණ අඩුවක් පවතින බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේ දී බස් රථ ආනයනය කිරීමේ දී විද්‍යුත් බස් රථ ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවයි ඔහු පැවසුවේ.

මේ වනවිටත් එම බස්රථ සහ ඒවායේ මිල ගණන් සම්බන්ධයෙන් විමසීම් සිදුකර ඇති බව පැවසූ සභාපතිවරයා එම රථ චීනයෙන් ආනයනය කිරීමට සූදානම් බව ද පැවසුවා.

එලෙස බස් රථ ආනයන කිරීමේ දී ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා බලා සිටීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ සභාපතිවරයා ලබන නොවැම්බර් මාසය පමණ වනවිට බස් රථ ආනයනය සඳහා සීමාවන් ලිහිල් කළ යුතු බවයි සඳහන් කළේ.

මෙම වසරේ ඔක්තෝ­බර් පළමු වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි අදි­යර කිහි­ප­යක් යටතේ වාහන ආන­ය­නය සඳහා අනු­මැ­තිය ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළා.

ඒ, අනුව පළමු අදි­යර යටතේ පොදු මගී ප්‍රවා­හන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙ­කුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා 2024 ඔක්තෝ­බර් 01 වැනිදා සිට අව­සර දෙන අතර දෙවැනි අදි­යර යටතේ වාණි­ජ­මය හෝ භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු වෙනු­වෙන් භාවිත කරන වාහන ආන­ය­නය සඳහා 2024 දෙසැ­ම්බර් 01 වැනිදා සිට අව­සර දෙනු ලබනවා.

තුන්වන අදි­යර යටතේ පුද්ග­ලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදි­ලියේ වාහන ආදිය ඇතු­ළුව) ආන­ය­නය සඳහා 2025 පෙබ­ර­වාරි 01 වැනිදා සිට අව­සර දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44