බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවීමේ ලක්ෂණ ඇති බව PHI සංගමය කියයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” 

මේ අතර අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවය.

එසේ නොවුනහොත් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

  1. Sir job eka hariyata karanawa.eth samahark minissunta noterenne ai.hussma ganna janadipathithuma heduwa vtharai ekath samaharak ayage kiya kalapa nisa vnasha una.ai api giyapara aurudu gdrta sima una.meparath inna beri ai.hari thirana ganna oni .kaniwal oni ne .pissu.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05