සහරාන් සමග ගිවිසුම්ගතව සිටි දේශපාලන කණ්ඩායම් දෙක කණ්නාඩියේදී හෙලි වෙයි

සහරාන් ඇතුඵ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ තමන්ට අවස්ථාවක් බලාපොරොත්තුවු බව මුස්ලිම් සමාජය සහ ඒ ආශ්‍රිත සිවිල් සංවිධාන සමග කෙරුනු සාකච්ඡාවලදී පැහැදිලි වු බව දි අයිලන්ඩ් පුවත් පතේ කර්තෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. රාජන්හුල් මහතා ලියා ඇති කෘතියක පැහැදිලිව මේ බව දැක්වෙන කොටසක් ද ඔහු අනාවරණය කළේය. එම අවස්ථාව අහිමිවීමද පාස්කු ප්‍රහාරයට හේතුවක් වන්නට ඇතැයි ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි. කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය සහරාන් ඇතුඵ පිරිස එල්ල කලේ ඇයි දැයි අදටත් පැහැදිලි පිලිතුරක් සමාජයට නොමැති බව ඔහු ජාතික ගුවන් විදුලියේ කණ්නාඩිය හා එක්වෙමින් කීවේය. සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධව සිටි දේශපාලනඥයන් පිළිබඳව තේරුම් ගෙන සිටිය යුතුය. ඔවුන් සමග ගිවිසුම්ගත වු කණ්ඩායම් දෙකම වර්තමානයේද පාර්ලිමේන්තුවේ සිටින බව ඒ මහතා පෙන්වා දෙයි. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා මඩකලපුවෙන් පරාජය වුවත් යහපාලන රජය යටතේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. ප්‍රහාරයට සම්බ්නධවු දෙදෙනෙකුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ලේඛණයේ ඉදිරියෙන්ම සිටි අයෙකි. දේශපාලන පක්ෂ සහරාන්ගේ අරමුණ තේරුම් නොගත්තේය. එම දේශපාලන පක්ෂවලට වුවමනා වුයේ තමන්ට අවශ්‍ය පරිදි සහරාන් පාවිච්චි කිරීමටය. මෙවැනි ප්‍රහාරයන් සහරාන් සිදුකරන බව දැන සිටියේ නම් කිසිදු දේශපාලන පක්ෂයක් එම පුද්ගලයා සමග සබඳතා නොපවත්වන බව තම විශ්වාසය යැයි ෆර්ඩිනැන්ඩු මහතා කීවේය. යහපාලන රජයේ දේශපාලනය තුළ සහරාන් නැමති පුද්ගලයා රහසින් තමන්ගේ ක්‍රියාදාමයන් පවත්වාගෙන ගොස් ඇති බව පැහැදිලි යැයි ඔහු පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09