ජනාධිපතිවරණ අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරය වන වග කීමෙන් තොර ප්‍රවෘත්ති සම්බන්ධ පැහැදිළි කිරීම

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට සියලු විධි විධාන යොදා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

එයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ වක්‍රලේඛ උපදෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාවද දැනුම්වත් කොට ඇති බවයි එම කොමිෂනම පෙන්වා දෙන්නේ.

එසේ වුවද වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළව එනම් ඡන්දය සලකුණු කරන ආකාරය, ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින් වර කරනු ලබන ප්‍රකාශ හා මත මාධ්‍ය මඟින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන අතර ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත්, එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාව විමසා කරුණු පැහැදිලි කර ගැනීමේ අවස්ථා ද හිමිවනවා.

මෙම ඡන්ද විමසීමේ දී මහජනතාව දැනුම්වත් කළ යුතු සියලු කරුණු සහ කාර්යයන් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දීම් කරනු ලබන හෙයින් වෙනත් පුද්ගලයින් හා සංවිධාන විසින් කරනු ලබන ප්‍රකාශ, මත හා දැනුම්වත් කිරීම් නොසලකා හරින මෙන් වැඩි දුරටත් නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?