ජනාධිපතිවරණ අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරය වන වග කීමෙන් තොර ප්‍රවෘත්ති සම්බන්ධ පැහැදිළි කිරීම

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට සියලු විධි විධාන යොදා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

එයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ වක්‍රලේඛ උපදෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාවද දැනුම්වත් කොට ඇති බවයි එම කොමිෂනම පෙන්වා දෙන්නේ.

එසේ වුවද වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළව එනම් ඡන්දය සලකුණු කරන ආකාරය, ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින් වර කරනු ලබන ප්‍රකාශ හා මත මාධ්‍ය මඟින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන අතර ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත්, එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාව විමසා කරුණු පැහැදිලි කර ගැනීමේ අවස්ථා ද හිමිවනවා.

මෙම ඡන්ද විමසීමේ දී මහජනතාව දැනුම්වත් කළ යුතු සියලු කරුණු සහ කාර්යයන් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දීම් කරනු ලබන හෙයින් වෙනත් පුද්ගලයින් හා සංවිධාන විසින් කරනු ලබන ප්‍රකාශ, මත හා දැනුම්වත් කිරීම් නොසලකා හරින මෙන් වැඩි දුරටත් නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22