ට්‍රාවිස්ගේ ප්‍රවේගකාරී පිතිකරණයෙන් කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

ඒ තරගය ලකුණු 28කින් ජය ගනිමින්.

එංගලන්තයේ Southampton හි දී පැවැත්වුණු පළමු තරගයේ කාසියේ වාසිය එංගලන්තය විසින් දිනා ගනු ලැබූ අතර පළමු ව පන්දුවට පහරදීමට සංචාරකයින්ට ඇරයුම් කෙරුණා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් ම දැවී ලකුණු 179ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ට්‍රාවිස් හෙඩ් පන්දු 23ක දී දැවැන්ත ලකුණු 59ක් ලබාගත්තේ ඔහුගේ ලකුණු පුවරුවට හයේ පහර 04ක් සහ හතරේ පහර 08ක් ද එක් කරගනිමින්.

මැතිව් ෂෝට් ලකුණු 41ක් සහ ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ලියැම් ලිවින්ග්ස්ටෝන් කඩුලු 03ක් සහ ආර්චර් සහ මහමූද් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

සෑම් කරන් සහ රෂීඩ් හට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

කෙසේවෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කුත් පන්දු 02ක් අවසානයේ සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 151ක් පමණි.

එංගලන්තයේ ඉනිම සුනුවිසුණු කරමින් සීන් ඇබ්බොට් කඩුලු 03ක් ද, කඩුලු 02ක බැගින් හේසල්වුඩ් සහ සම්පා හට ද හිමිවුණා.

සැවියර් බාර්ට්ලෙට්, මාර්කස් ස්ටොයිනිස් සහ කැමරන් ග්‍රීන් හට එක් කඩුල්ල බැගින් හිමි වුණා.

ඒ අනුව තරගය ජයගත් ඔස්ට්‍රෙලියා කණ්ඩායමේ තරගයේ වීරයා සම්මානය ට්‍රාවිස් හෙඩ් හට හිමි වූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය හෙට (13) මෙරට වේලාවෙන් රාත්‍රී 11ට කාඩීෆ් හි දී ඇරඹෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?