කුරුණෑගල කොරෝනා අවදානම ඉහළට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති.

මේවනවිට කුරුණෑගල මල්ලවපිටිය, දොඩම්ගස්ලන්ද, ඉබ්බාගමුව, මහව, ගනේවත්ත, කුඹුක්ගැටේ, කුලියාපිටිය ප්‍රදේශ ආශ්‍රිතව නැවත කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මෙවර සිංහල අළුත් අවුරුද්දට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් ඉබ්බාගමුව තැපැල් කාර්යාලය කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සහ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ. 

මෙය මෑත කාලයේදී එක් දිනක් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන බවද පැවසේ.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල, හුනුපොළ වේදෙනිය, කුඹුක්ගැටේ ප්‍රදේශ වලින් මේවනවිට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකුම වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක්ම කාන්තාවන් බව කියයි. මේ පිරිස අතර වයස අවුරුදු 8, 10, 14 අතරේ කුඩා දරුවන්ද සිටිති. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තිත්තවැල්ගාල ප්‍රදේශයේ ජනතාවට සංචරණ සීමා පැනවීමටද ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් ඉබ්බාගමුව තැපැල් කාර්යාලය දින කීපයක් වසා දැමීමටද සිදුව තිබූ අතර අවදානම හේතුවෙන් ලංගම බස් රථ පවා තැපැල් මළු ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළ වද වාර්තා විය. මෙම තත්ත්වය මත තැපැල් සේවයේ වාහන යොදවා ඉබ්බාගමුවේ තැපැල් මළු කුරුණෑගල දක්වා ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ.

පසුගිය කොරෝනා වාරයේදී කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් වාර්තා වූ කොරෝනා පොකුරු හේතුවෙන් සති ගණනාවක්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවාව අත්හිටුවීමටද සිදු විය.

මීට මාස දෙකකට පමණ ඉහතදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉහළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුවද පසුගිය අවුරුදු සමය එළඹෙන විට එම සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමක පැවතුනි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළද ඉන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වීම ඉතා පහළ අගයක පවතින බවය. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලින් නැවත වරක් ඉහළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම ඉතා අවදානම් තත්ත්වයක් වන බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24