මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර, බොන්දුපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බවය.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ රිවෝල්වරය සමඟ ඊට යොදන ජීව උණ්ඩ 6ක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු බොන්දුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24