AFC Banner
Empty Ad
Empty Ad

පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ඉඩමකින් මතුවෙයි

වවුනියාව – තාඩික්කුලම් ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

ඊයේ (10) පස්වරුවේ මෙම මෝටාර් උණ්ඩය සොයා ගත් බවයි වාර්තා වන්නේ.

අදාළ ඉඩමේ හිමිකරු විසින් ඉඩම එළි පෙහෙළි කිරීමේ දී එහි සැක කටයුතු යමක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු ඒ බව පොලිසියට දැනුම්දෙනු ලැබුවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඉන් අනතුරුව වවුනියාව පොලිසිය පැමිණ සිදු කළ සොයා බැලීමක දී හෙළි ව ඇත්තේ එය ත්‍රස්තවාදී යුද සමයේ දී පසුව ගැනීමට වළ දමන ලද මෝටාර් උණ්ඩයක් බවත් එය සක්‍රීය තත්ත්වයේ පැවති බවයි.

පසුව පොලිස් විශේෂ කාර්ය බලාකායේ සහාය ඇති ව අදාළ මෝටාර් උණ්ඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?