අද දහවල් 12න් පසුව පොලිසිය සිදු කරන්න යන විශේෂ මෙහෙයුම මෙන්න

ගතවූ දින 5ක කාලය තුල බීමත් රියදුරන් 1834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පසුගිය 13 වනදා සිට අද (18) උදෑසන 6 දක්වා කාලය තුල සිදුකළ මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අද දිනයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්ට සහ අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ අද දහවල් 12 සිට හෙට උදෑසන 6 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මෙම මෙහෙයුමේදී අධිවේගී මාර්ගයට ඇතුලුවන පිවිසුම් ස්ථානවලදී මෙන්ම පිටවන ස්ථානවලදී බීමත් බව පරීක්ෂා කෙරෙන ශ්වසන වායු පරීක්ෂණයක් අහඹු ලෙස තෝරාගත් වාහනවල රියදුරන්ට සිදු කෙරෙනු ඇති.

මීට අමතරව අනෙක් මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරන්ට ද මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී නියමිත වේග සීමාව තුල පමණක් ධාවනය කිරීමට කටයුතු කරන ලෙසට සහ නියමිත දුර ප්‍රමාණය පවත්වාගෙන යන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?