අද දහවල් 12න් පසුව පොලිසිය සිදු කරන්න යන විශේෂ මෙහෙයුම මෙන්න

ගතවූ දින 5ක කාලය තුල බීමත් රියදුරන් 1834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පසුගිය 13 වනදා සිට අද (18) උදෑසන 6 දක්වා කාලය තුල සිදුකළ මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අද දිනයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්ට සහ අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ අද දහවල් 12 සිට හෙට උදෑසන 6 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මෙම මෙහෙයුමේදී අධිවේගී මාර්ගයට ඇතුලුවන පිවිසුම් ස්ථානවලදී මෙන්ම පිටවන ස්ථානවලදී බීමත් බව පරීක්ෂා කෙරෙන ශ්වසන වායු පරීක්ෂණයක් අහඹු ලෙස තෝරාගත් වාහනවල රියදුරන්ට සිදු කෙරෙනු ඇති.

මීට අමතරව අනෙක් මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරන්ට ද මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී නියමිත වේග සීමාව තුල පමණක් ධාවනය කිරීමට කටයුතු කරන ලෙසට සහ නියමිත දුර ප්‍රමාණය පවත්වාගෙන යන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28