හෙරොයින් සමඟ කාන්තාවක් පොලීසියට කොටු වෙයි

බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දකුණු කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී.

අත්අඩංගුවට ගැනීමේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 450ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 04කට අධික මුදලක් සොයාගත් බවයි පොලීසිය කියා සිටියේ.

සැකකාරිය 34 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකාරියක් වන අතර ඇය අද (17) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.