AFC Banner
Empty Ad
Empty Ad

තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කරයි

සීදුව පොලිස් බල ප්‍රදේශයේ බේස් ලයින් පාරේ අංක 5 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊයේ (04) පස්වරු 1.45ට පමණ මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ ඇයගේ නිදි යහනේදීමයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 43 වන එක්දරු මවක්.

ඇයගේ මුහුණු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර මෙම කාන්තාව වෙළෙඳ කලාපයට අනුයුක්තව මෑන් පවර් ආයතනවලට සම්බන්ධ වී රැකියාවේ නියුතු වී සිටින කාන්තාවක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතකයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?