බිරිඳ ගෙන්වාදෙන ලෙස ඉල්ලමින් පුද්ගලයෙකු පොලිසිය ඉදිරිපිට ගසක නැග විරෝධතාවක්

තම බිරිඳ යළි ගෙන්වා දෙන්නැයි ඉල්ලමින් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය ඉදිරිපිට ගසකට නැග
විරෝධතාවක් සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ බිරිඳ ඔහුව අතහැර ගොස් ඇති බවයි.

ඊයේ (03) දහවල් කාලයේ 30 හැවිරිදි මෙම පුද්ගලයා වව්නියාව මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ඇති ගසක් මත නැග විරෝධතාවයේ නිරත වුණා.

වව්නියාව බණ්ඩරිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා දෙදරු පියෙක් වන අතර; ගස මත හිඳිමින් පවසා ඇත්තේ බිරිඳ නැති සොවින් සිය දරුවන් දැඩි ශෝකයෙන් කාලය ගත කරන බවයි.

ගසට නැග සිටි පුද්ගලයා බිමට බස්සවා ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට
සිදු වූ අතර එම ස්ථානයට ගම්වැසියන් ද රැස්වීමෙන් නොසන්සුන් තත්ත්වයක් ද හටගත් බවත් වාර්තා වනවා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසුව එම පුද්ගලයා ගසෙන් බිමට බැස ඇති අතර පසුව ඔහු පොලිස් ස්ථානයට රැගෙන යාමට පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.

සිදු කළ පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත්තේ මෙම පුද්ගලයාගේ බිරිඳ අනියම් ඇසුරක් හේතුවෙන් සිය නිත්‍යානුකූල විවාහය අතහැර ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?