රනිල්ගේ රජයක් යටතේ මැණික් කර්මාන්තයට හොඳ කලදසාවක් ?

මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පැල්මඩුල්ල සිල්වරේ හෝටලයේ අද (03) මැණික් කර්මාන්තකරුවන් සමඟ පැවති හමුවකට එක්වෙමින්.

මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

මෙම කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ජනපති මැණික් කර්මාන්තකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීම ඉලක්කය බව ද මෙහිදී අනාවරණය වුණා.

මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමටත්, කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් රත්නපුර නගරයේ ඇති කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

වැවිලි සමාගම් සතුව පවතින මැණික් ඉඩම් නිසි සැලැස්මක් ඔස්සේ මැණික් කර්මාන්තකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවත් මෙම හමුවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56