AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ මහාධිකරණයෙන් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

සියලුම චෝදනා ඔප්පු වී ඇති බැවින් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද (03) තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවා.

2021 වසරේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 6.61 ක් සන්තකයේ ලබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?